නවීන ගෙවතු වගාව

RIOCOCO GREENHOUSES සමඟ
 

පිරිසිදු හා තිරසාර පරිසරයක් තුළින් සෞඛ්‍ය සම්පන්න ආහාර සපායාගැනීමේ සහ ඉතා හොඳ ප‍්‍රතිලාභ ලගා කරගැනීමේ අරමුණින් සාම්ප‍්‍රදායික ගොවීන් හරිතාගාර භාවිතා කරනු ලැබේ. හයිඩ්‍රොපොනික් හරිතාගාර යනු ගොවීන්ට විශාල වත්කමක් වන අතර එය වසර පුරාම පැල කල හැකි පැලෑටි වර්ග වලින් විශාල අස්වැන්නක් ලබා ගැනීමට ඇති හොඳම මාර්ගයයි.

හරිතාගාරයක් භාවිතා කිරීමේ ප‍්‍රමුඛතම කරුණ වන්නේ ඔබට විවිධ ප‍්‍රභේද වල බෝග වසරේ ඕනෑම කාලයක වර්ධනය කර ගැනීමට ඇති හැකියාවයි. නැවුම් එළවළු, මල් සහ විදේශීය ශාක වර්ග මෙහි වගා කල හැකිය. ඔබට හරිතාගයක් ඇත්නම්, වසර පුරා පවතින කාළගුණික තත්වයන් සහ සෘතු වෙනස්වීම් ගැන කරදර විය යුතු නැත. අධික වර්ෂාව, අධික උෂ්ණත්වය හෝ දිගු නියඟය නිසා ඔබේ හරිතාගාරය තුළ වර්ධනය වන ශාක වලට හානියක් ඇති නොවේ. ගොවීන්ට වගා කිරීමේදී ඇති වන පොදු ගැටළුව වන්නේ නුසුදුසු සෘතු නිසා බීජ රෝපණය කිරීමට නොහැකිවීමයි. ඔබට හරිතාගාරයක් ඇති විට එවන් ගැටළු ඇති නොවේ. හරිතාගාරය තුළ ඔබට උෂ්ණත්වය පාලනය කිරීමට හැකිවන අතර පැලෑටි සිටුවිය යුතු සෘතුවට පෙර හෝ පසුව සිටුවා ගත හැකි වේ. හරිතාගරයකින් ඔබට ලැබෙන අදායම ඔබ වියදම් කරන මුදලට වඩා බොහෝ වැඩිය, ඒ කෙසේද යත් බොහෝ විට කිසිම වියදමක් නොමැතිව අවශ්‍ය තරම් බීජ වගා කල හැකි වීමයි.

හරිතාගාර ඕනෑම කාලගුණික තත්වයන් යටතේ දීර්ඝකාලීන වගාවන් සඳහා ඉතා යෝග්‍ය වන අතර පළිබෝධකයන්ගෙන් හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඇත. හරිතාගාර භෝග පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න වන අතර ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන අයුරින් වගා කල හැකිය.

සාම්ප‍්‍රදායික එළිමහනේ වගාවන්ට වඩා හරිතාගාර වගාවන් සෑම අයුරකින්ම නාස්තිය අවම කරන අතර පිරිවැය අවම කරයි.