හරිතාගාර

අප සතුව ඇති හරිතාගාර වර්ග
 

01. High Tech Temperature Control Greenhouse

දැඩි හිරු එළිය යටතේ හරිතාගාර උෂ්ණත්වය ඉහළ යයි. මෙම උෂ්ණත්වය ඉහළ යාම ලෙස හඳින්වේ. හරිතාගාරයට ඇතුළු වන ආලෝකය හරිතාගාර වීදුරුව හෝ ප්ලාස්ටික් ආවරණය හරහා ගමන් කල යුතු වේ. එසේ කිරීමෙන් ආලෝකය තාපය බවට පරිවර්තනය වන අතර එහි ශක්තියෙන් යම් ප‍්‍රමාණයක් අහිමි වේ. සිසිලන පද්ධතියක් නොමැතිව හරිතාගාරය තුළ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය + 45 වඩා ඉක්මවා යා හැක. හරිතාගාරය තුල සාර්ථකව ප‍්‍රශස්තිකරණය කිරීම යනු බෝග නිසි අයුරින් වර්ධනය කිරීම සදහා උෂ්ණත්වය හා අර්ද්‍රතා මට්ටම ප‍්‍රශස්ත මට්ටමක පවතින බව සහතික කිරීම සදහා නිසි හරිතාගාර පාලනයන් සහ ස්වයංක‍්‍රීයකරණය මඟින් බාහිර පරිසරයේ අහිතකර බලපෑම් වලට මුහුණ දීමයි.

අධි තාක්ෂණික උෂ්ණත්ව පාලන හරිතාගාරයක් භාවිතා කිරීමෙන් වගා කරුවන්ට ශ‍්‍රම වැඩ අවම කිරීම,සම්පත් වල කාර්අක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ අස්වැන්න ප‍්‍රශතීකරණය කරන අතරම නිසි රසායනික භාවිතයට ඉඩ සලසයි.

අධි තාක්ෂණික හරිතාගාර වල අමතර ප‍්‍රතිලාභ,

පරිපූර්ණ ක්ෂුද්‍ර දේශගුණික තත්වයන් පවත්වාගෙන යාම.

වාරිමාර්ග හා පොහොර භාවිතයන් වැඩිදියුණු කිරීම.

බෝග ආසාදන පාලනය කිරීම සහ රෝග පැතිරීම වළක්වා ගැනීම.

සොරකම් වැළැක්වීම හා බෝග ආරක්ෂාව වැඩි දියුණු කිරීම.

02. Poly Tunnels

Poly Tunnels මගින් පරිසරයේ පවතින උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක් හා /හෝ ආර්ද්‍රතාවයක් ලබා දිය හැකි අතර දැඩි තාපය, දීප්තිමත් හිරු එළිය, සුළං සහ හිමකැට වලින්ද බෝග ආරක්ෂා කල හැකිය. වෙළදපල ඉලක්ක කර ගත් වගාකරුවන්ට බෝගයට අදාළ නොවන සෘතු වලද බෝග වගා කොට විශාල ප‍්‍රතිලාභ ලබා ගත හැක. එළිමහනේ වගා කිරීමට තරම් පරිසරයේ උෂ්ණත්වය නුසුදුසු පාරිසරයකට Poly Tunnels ඉතා යෝග්‍ය වේ. එළිමහනේ පරිසරයට වඩා උෂ්ණත්වය 5 සිට 15 °C (9 සිට 27°F) දක්වා ඉහළ දැමීමටත්්, සුළගේ බලපෑමෙන් ආරක්ෂා කිරීමටත්, තෝරාගත් ශාක ප‍්‍රභේදය සරුසාරව වර්ධනය වීමට ඉඩ හැරීමට Poly Tunnels ප‍්‍රමාණවත් වේ.

බෝගයට බලපාන සෑම සාධකයක්ම Poly Tunnels මගින් පාලනය කල හැකිය. Poly Tunnels එළවළු වගාවන්, මල් වගාවන් හා පැල තවාන් සදහා සුදුසු වන අතර ඒ සදහා යන වියදම ලැබෙන ආදායමට සාධාරර්‍ණකරණය කල හැක.

03. Shade House

විශේෂයෙන් ඔබට සෙවන සහිත පරිසරයක වර්ධනය වන පැලෑටි වගා කිරීමට Shade House යෝග්‍ය වෙ. එය ඔබේ බෝග කෘමීන්ගෙන්, අධික තාපයෙන් හා තද සුළඟ වැනි පාරිසරික කැළඹීම් වලින් ආරක්ෂා කරයි.

Shade House තුල වර්ධනය වන බෝග වල බෝග ඝණත්වය වැඩි වේ. පලතුරු වල වර්ණ ගැන්වීම වැඩි දියුණු වේ, වඩාත්ම වැදගත්ම කාරණය වන්නේ බෝග කැළමණාකරනය, ජීව විද්‍යාත්මක පාලනය සහ පරාගණය සදහා භාවිතා කරන ප‍්‍රයෝජනවත් කෘමීන්ගේ ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම Shade House තුල කෘෂිකාර්මික උපකරණද භාවිතා කල හැක. විශාල සිරස් අවකාශය හේතුවෙන් තාපාංකය අවම කිරීමටත් ආර්ද්‍රතාවය වැඩි කිරීමටත් උපකාරී වේ.( දිවා රාත‍්‍රී තාපාංකය අඩු කරයි) එමඟින් පලතුරු ඉරිතලා යාම වලකයි. Shade House තුල සාමාන්‍යයෙන් බෝග වලට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය වල මාත‍්‍රාව අඩුකරන අතර එමඟින් එළවළු හා පලතුරු වල ගුණාත්මය ද වැඩි දියුණු වේ.