අපි ගැන

RIOCOCO GREENHOUSE
 

RIOCOCO යනු 100% ශ්‍රී ලාංකික සම්භවයක් හිමි පොල් ආශ‍්‍රිත උපස්තර නිෂ්පාදන මත පදනම් වූ උසස් ඝනයේ වැවුම් මාධ්‍ය ජාත්‍යන්තර හයිඩ්‍රොපොනික් හරිතාගාර ක්ෂේත‍්‍රයට සැපැයීමේ පුරෝගාමියා වේ. ලොව පුරා විශාල හරිතාගාර ව්‍යාපෘති සඳහා හවුල්කරුවෙකු ලෙස අපි ලොව විශාලතම හරිතාගාර ගොඩ නැගීමේ සමාගම් සමඟ ද එක්ව කටයුතු කරමින් සිටින්නෙමු. රියෝකොකෝ වසර 16ක සිට වැවුම් මාධ්‍ය අපනයන ක්ෂේත‍්‍රයේ නියැලී සිටින අතර රටවල් 58ක හරිතාගාර වගාකරුවන් සමග තම ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිටියි. හයිඩ්‍රොපොනික් හරිතාගාර ආශ්‍රිත ශ්‍රී ලංකාවේ නොමැති තාක්ෂණයක් පළමු වරට ගෙන ඒමෙන් සාම්ප‍්‍රදායික වගාකරුවකුට නව තාක්ෂණයෙන් හා දැනුමෙන් ලබා ගත හැකි සියළු අවස්ථාවන් අප ගෙන එනු ලැබේ.

වගාකරුවෙකු ලෙස ඔබට හොඳම හරිතාගාර වර්ගය, වැවුම් මාධ්‍ය, අනෙකුත් උපාංග හා උපදේශනය අප ලබා දීමට දැනටමත් කටයුතු කරමින් සිටී.